ගංජා පිළිකා රෝගයට හොඳ ඔසුවක් බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමති මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මහතා පුවත්පතකට පුකාශ කොට ඇත.
වැඩි දුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ පිළිකා රෝගය වැළඳී සති දෙකකින් මිය යනු ඇතැයි කී රෝගියෙක් ගංජා යොදාගෙන කල වෙදකමක් නිසාතාමත් ජීවතුන් අතර සිටින බවයි.
ගංජා අතීතයේ ශරීරයට ශක්තිය වඩවන ඖෂධයක් වුවද අතීතයේ රට පාලනය කල සුදු පාලකයින් නීතිය අනුව එය තහනමට ලක්කොට ඇති බව ද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත. එහෙත් ඉන්දියාවේ කේරළ ප්‍රදේශවල ගංජාවලට තහනමක් ක්‍රියාත්මක නොවන බවද ගංජා පිළබඳ පර්යේෂණ කල යුතු බවද එතුමා ප්‍රකාශ කොට ඇත.
*************************************************************


.jpg)







