සුරතලයට ඇති කරන ලද කැස්බෑවෙකු තම යට ඇඳුමේ හංගාගෙන රැගෙන යාමට උත්සහ කළ 8 හැවිරිදි දරුවෙකු චීනයේ ගුවැන්ෂෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී හමුව තිබෙනවා.
කොං කොං නමැති මෙම දරුවගේ කලිසම තුළ කිසිවක් චලනය වන දුටු ගුවන්තොටුපල බලධාරීන් ඔහු පරික්ෂා කර තිබෙනවා. තම යට ඇඳුමේ සඟවාගෙන සිටි මෙම කැස්බෑවා සොයාගෙන තිබුණේ එම පරික්ෂා කිරීමේදී ය.
මිත්තනිය සමඟ ගමන් කිරීමට පැමිණි කොං කොං ට මෙම කැස්බෑවා මෙලෙස ගෙන යා නොහැකි බවට ඇය අවවාද කලද ඔහු එය පිළිගෙන නැහැ.
අවසානයේදී ඔවුන්ගෙන යන බඩු තොගය සමඟ කැස්බෑවා ද රැගෙන යාමට ගුවන්තොටුපල බලධාරීන් අවසර දී තිබෙනවා.
****************************************






