1979 සිට ක්යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් පිළිබඳව අධ්‍යනය කලේය.
රතු පැහැති ජෙගි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අවධානය වැඩිපුර යෙමු වී ඇත.
"එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ ශරීරයේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කොටු ගලවා ඉවත් කලා. මගේ අපේක්ෂාව වුණේ මේ සති නැවත යථා තත්වයට පත්කර පිහිනා නාමට සැලැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුනා. නමුත් ඌ ඉතා ඉක්මනින් තරැණ වුණා මේ කුඩා මුහුදු සතා යොදාගෙන සදාකාලික ජීවිකය පිළිබඳ යම් අදහසක් ගත හැකියි යැයි මට දැඩි සිශ්වාසයක් ඇතිවුණා."
එතු ජෙලිෆිෂ් සම්බණ්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුනු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය) තුවාලයක් සිදු වූ විට මුහුදු පතුලට ගමන් කරන බවයි. එහිදී තම බිලිඳු අවධියට යලි රූපාන්තරණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක්බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලිෆිෂ් කෙනෙකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳෙකු බවට රූපාන්තරණය වීමට මසෙ දෙකක පමණ කාලයක් ගතවන බව ඔහු කියයි.
මහාචාර්ය කුබොටා සිය පර්යේෂණාගාරයේදී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථකව තරුණ කලේය.
"මේ සියල්ල සාර්ථක වුවත් පිළිකුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තරුණ වීම සම්බණ්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ්ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කල හැකි වුවහොත් මිනිසා අමරණියත්වට ගෙන යා හැකි වේවි."








