04 September 2014

ස්වේතා එක රාත්‍රියකට රුපියල් ලක්ෂ 03ක් අය කරලා....





ඉන්දියාවේ සම්මානලාභී නිළියක් වූ ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
23 හැවිරිදි වියේ පසුවන මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණුදෙනුකරුවකු සමඟ පසුගිය ඉරිදා හෝටලයක සිටියදීය.
ඇයට එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ වෘත්තියට නොගැළපෙන ආකාරයෙන් හැසිරීමයි.
අත්අඩංගුවට පත් ස්වේතා බාසු පොලිසියට පවසා ඇත්තේ ඇයට මුදල් නැතිවුණු නිසා මෙම වෘත්තියට පිවිසුනු බවයි.

"මට මුදල් තිබ්බෙ නෑ. දෙන්න කවුරුවත් හිටියෙත් නෑ. මගේ දෙමව්පියන්ට සහ පවුලට මට සලකන්න ඕනි වුණා. ඒකට ඕනි මුදල් රඟ පෑමෙන් හොයන්න බැරිවුණා. මේ නිසා වෙන කරන්න දෙයක් නැති වූ නිසා මේ රස්සාවට යොමුවුණා..."
යනුවෙන් ඇය පොලිසියට ප්‍රකාශ කොට ඇත.

කෙසේ නමුත් ඇය රාත්‍රියක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂයක් අයකර ඇති බව වාර්තා වෙයි. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනක් පමණ වේ.
2002 වසරේදී ළමා නිළියක ලෙසින් "Makdee" නම් චිත්‍රපටයෙන් රංගනයට එකතු වී ඇත.
මේ වන විට ස්වේතා බාසු පුනරුත්තාපන නිවාසයකට යවා ඇති අතර එහි මාස 03 ක කාලයක් ඇය රඳවා තැබීමට නියමිතයි.





Follow us

පැමිණි උදවිය