31 July 2015

ටෙලි නිළිය සහ පෙම්වතාගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්වේ...




ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක තම පෙම්වතා සමග සිටි අතීශය පුද්ගලික ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මෙම ඡායාරූප වෙබ් අඩවියකට එක් කර තිබීම සම්බන්ධයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ පරිගණක කාර්මික ශිල්පියකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියා.

මෙම පරිගණක කාර්මික ශිල්පියා නිළියගේ පෙම්වතාගේ මිතුරකු බව අධිකරණයේ දී සඳහන් වූ අතර ඒ අනුව පෙම්වතා ද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා මෙම අසභ්‍ය ඡායාරූප වෙබ් අඩවිවලට මුදා හැරීමක් නොකළ අතර නිළියගේ පෙම්වතා මෙයට වගකිවයුතු බව පරීක්ෂණ පැවැත්වුවහොත් හෙළිවනු ඇති බවයි.

Follow us

පැමිණි උදවිය