05 September 2014

ඒඩ්ස් නවත්වන කෙනෙකුට කොටි 250 ක්.....




   ඩ්ස් රෝගය මර්ධනය කිරීම සඳහා එන්නතක් නිර්මාණය කරන එෟනෑම පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක පරිත්‍යාගයක් ලබාදීමට බිල්ගේට්ස් අරමුදල තීරණය කර තිබෙනවා. එම අරමුදල මෙම අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ ඔරිගන් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමකටයි.

මේ වන විට ලෝකය පුරා මිලියන එක හමාරකට අධික පිරිසක් ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳිනවා. එය වැළැක්වීම සඳහා ඖෂධයක් නොමැති වීමෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. 2002 වසරේ සිට මේ දක්වා රෝගය මර්ධනය කිරීමට අවශ්‍ය එන්නත් නිර්මාණය කෙරුණ ද ඒවා සාර්ථක වූයේ නැහැ. ඒ හේතුවෙනුයි බිල්ගෙට්ස් පදනම මෙම අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ.


Follow us

පැමිණි උදවිය