පෘථිවිය හරහා ගමන් කරමින් පවතින බවට හඳුනාගත් ග්‍රාහකයක් ප්‍රෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමේ අවදානමක් පවතින බව තහවුරු වී තිබෙනවා. අඩි හැටක් විශාල මෙම ග්‍රාහකය නවසීලන්තයට කිලෝමීටර් තිස් හයදාහක් ඉහලින් ඉවතට ඇදී යනු ඇති බව නාසා ආයතනය නිවේදනය කළා.
කෙසේ වෙතත් මීට පෙර වාර්තා පළවූයේ මෙම ග්‍රාහකයෙන් පෘථිවියේ චන්ද්‍රිතා වලට බලපෑම් එල්ලවිය හැකි බවටයි. එහෙත් එවැන්නක් සිදුවීමේ අවධානම අවම මට්ටමක පවතින බවයි නාසා අායතනය පෙන්වා දෙන්නේ. මෙම ග්‍රාහකය අනිද්දා (07) පෘථිවියට වඩාත් සමීප වීමට නියමිතයි.







