05 September 2014

රූමත් තරුණියක් බල්ලෙකුට විවාහ කරලා දීලා....



   රූමත් තරුණියක්ව පාරේ අයාලේ යමින් සිට් බල්ලෙක්ට කරකාර බැඳ දුන් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ. ඇය මෙම කසාදයට අකමැති වුවත් බලහත්කාරයෙන්ම මෙම විවාහය සිදුකොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මංගල උත්සවයට ගමේ 70 ක් පමණ පිරිසක් සහභාගි වී ඇති අතර ඇයගේ වහස අවුරුදු 18ක් පමණ වේ.
Mangli Munda නම් වන මෙම තරුණිය ඇයගේ කැමැත්තකින් තොරව මෙම විවාහය සිදුකල බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. නැගෙනහිර ඉන්දියාවේ ගම්වාසීන් පිරිසක් එකතු වී මෙම ක්‍රියාව සිදුකොට ඇත.
මෙම ක්‍රියාවට හේතුව තරුණිය පුරුෂයෙක්ට විවාහ කර දුන්හොත් ඔහුට සිදුවන අපලයෙන් මිදීම බවයි ග්‍රාමීය සාස්ත්‍රකරුවකු පවසා ඇත්තේ.
තරුණියට ඇති අපලය බල්ලාගේ පිටින් ගොස් අවසන් වූ පසු නැවතත් පුරුෂයෙක් හා විවාහ වීමට ඇයට හැකිවෙනු ඇති බවට සාස්ත්‍රකරු පවසා ඇත.
මෙම බල්ලාගේ නම ශේරු වන අතර තරුණියගේ පියා විසින් සොයාගෙන ඇති බවට සඳහන් වේ....






==============================================================
==============================================================




Follow us

පැමිණි උදවිය