06 September 2014

මිනිසාට අති විශේෂ වූ සරම.....



    රම යනු මහා පුදුම දෙයකි. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඉනේම තිබීමත්, මං නිදාගෙන ඇහැරෙන විට එය ඇඳ පල්ලේ තිබීමත් සරමටම ආවේණික වූ විශේෂ ලක්ෂණයකි.

විශේෂයෙන්ම සරම ඔළුවෙන් ගෙන ඇඳීමත් කකුල් දෙක දමා ඇඳීමත් යන දෙයාකාරයටම සිදුකල හැකිවීම පුදුමයට ලක්වීය යුතු කාරණයකි. එකල චන්ඩියා ද ඇන්දේ සරම ය. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමේ විශේෂ දක්ෂතාවය චන්ඩියා පුරුදු පුහුණු කල යුතු ගුණාංගයකි.

මානව ශරීරයේ කටක් සහ දත් පෙලක් පිහිටීමට ප්‍රධානම හේතු වී ඇත්තේ ද සරමයි. කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්වා කරන තුරු සරම අල්ලා සිටින්නේ කටිනි. එය මාර ප්‍රයෝජනයකි. 

සරම බහු කාර්ය උපකරණයකි. ඇඳීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය. සරම සරලය. අවාසි ද සහිතය. ඔළුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්‍රමිකතා රාශියකි. අන් අයගේ සිහි විසඥතාවය, මානසික අසහනය හා භොමික අඛන්ඩතාවයට හානි පැමිණවේ.

සරමේ පුධානම කොටස ගැටයයි. එමඟින් සමස්ථ සරමම පාලනය කරයි. බසයේ යනවිට සරමක් අඳින්නේ නම් ගැටය ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුන් හිටගත්තාම එල්ලෙනුයේ සරමේ බැවින් ළමා මනස දූෂණය වීම වැළැක්වීමට ගැටය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

සරම අපිට අපි සරමට,
සරමට සදා ජය....!!!



Follow us

පැමිණි උදවිය