අපි හැමෝම පුරුදු වෙලා ඉන්නෙ සැප පහසු ප්‍රවාහන සේවයකින් වැඩට යන්න. ඒත් පාපැදියෙන් වැඩට යන අය නම් ප්‍රකාශ කරන්නේ වෙන වෙන ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරනවාට වඩා පාපැදියෙන් තම රැකියාවට යන එක සේවයට තෘප්තියක් හා ඵලදායි බවක් වැඩිපුර හිමි කර දෙන බවයි.
තෘප්තියෙන් තොර වූ ලිංගික ජීවිතය පාපැදිය පදින්න ගත්තට පස්සෙ ඊට හාත්පසින්ම වෙනස් වුණා කියලත් මේ පාපැදිවෙන් වැඩට යන උදවියගෙන් බොහෝ පිරිසක් විශ්වාස කරනවා. ඒ වගේම පාපැදිය පැදීමෙන් ලැබෙන ව්‍යායාමය නිසා නිදන කාමරයේ දී අමතර ශක්තියක් ලැබෙනවා කියලත් සමහර පිරිසක් ප්‍රකාශ කරලා තියෙනවා. පාපැදියෙන් වැඩට යනවිට එකිනෙකා අතර සුහඳතාවය වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙන බව තවත් පිරිසක් පවසනවා.
"පාපැදියෙන් වැඩට" යන තේමාව ජනතාව අතරට ගෙනියන සංවිධානයක් විසින් කරන ලද සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. ඒ වගේම එක්සත් රාජධානියේ 760,000 ක් පමණ පිරිසක් පාපැදියට මාරු වී තිබෙනවා. 2021 වන විට මෙම ප්‍රමාණය මිලියනයකට වඩා වැඩිකර ගන්න එක මේ ව්‍යාපාරයේ අරමුණ වී ඇත.
*************************************************
*************************************************









