06 September 2014

අවුරුදු 100 දී මධුසමයට ගිය යුවලක්....




     ඒ 1983 වසරේ නත්තල් දවසයි. තනිකඩ ජීවිතයට හුරු වී සිටි ෆොරෙස්ට් තම යාළුවන්ගේ ඇරයුම පරිදි නත්තල් සාදයකට එක්විය. 70 වන වියෙහි පසු වූ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ ඒ වන විට මියගොස් සිටියේය. නමුත් ඔහුගේ එම පාළුව කාන්සිය මකන්නට යාළුවන් හොඳ සැලැස්මක් සැලසුම් කොට තිබුණි. ඒ ඔවුන්ගේ තවත් යෙහෙළියක් වූ රෝස්, ෆොරෙස්ට් හට සමීප කරවීමයි. 60 වන වියේ පසුවන රොස්ගේ ද ස්වාමියා මියගොස් සිටි අතර ඇය ද මෙම යෝජනාව පිළිබඳ දැනගෙන සිටියේ නැත.
එදින රාත්‍රි සාදයේදී ඔවුන් දෙදෙනා හඳුනාගෙන එකට නටන්නට විය. පැය කීපයකින් පසු ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත්විය. පසුදින රෝස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එහි අනෙක් කෙලවර වූයේ ෆොරෙස්ට් ය. මිතුරුකමට යළි පණ ලැබුණේ එලෙසින් ය. රෝස්ගේ නිවසේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි ඇයව බැලීමට ඒම ඔහුගේ පුරුද්දක් බවට පත්විය.
මිතුරන් සේ ලං වූවත් ඔවුන්ට නොදැනීම මිතුරුකමේ මැදට ආදරය එකතු වන්නට විය.දෙදෙනාගේ ජීවිතය වෙනදාට වඩා සතුටින් හා සුන්දරව ගෙවී යන බව දෙදෙනාටම හැඟෙන්නට විය. මේ අනුව කාලය ගතවෙත්ම ෆොරෙස්ට් 90 වියටත් රෝස් 80 වියටත් පා තැබුවෝය. තමන් ඇයට ආදරය කරන බවත් ඇයව විවාහ කරගන්නට කැමති බවත් ෆොරෙස්ට් කීවේ රෝස්ව විශ්මයට පත් කරමින් ය. මද වේලාවක් කිසිත් කරකියා ගත නොහැකිව සිටි රෝස් පසුව සිනාසෙමින් ෆොරෙස්ට් හට කීවේ ඔහුට වයස අවුරුදු 100ක් එළඹුනු පසු විවාහ කරගන්නා බවයි. ඇය එසේ කීවේ සරදමට ය.
එහෙත් ෆොරෙස්ට් එය ඇත්තකට ගෙන එදා පටන් වසර 10 යන තෙක් සිටියේ දින ගනිමිනි. වසරින් වසර ගෙවී ගොස් අවසානයේ ඔහුගෙ සියවැනි උපන් දිනය දවසේම රොස්ව විවාහ කරගැනීමට ෆොරෙස්ට් හට හැකිවිය.
මෙයට බැරැක් ඔබාමාගේද සුභ පැතුම් හිමි වූ අතර ඔවුන් දෙදෙනාට නොමිලේ හෝටල් පහසුකම් හා මධුසමය ගත කිරීමේ පහසුකම් ලබාදීමට ප්‍රෙද්ශයේ හොටලයක් කටයුතු කර ඇත.















Follow us

පැමිණි උදවිය