02 September 2014

කොල්ලුපිටිය පොලිීසිය ඉදිරියේ පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගෙන....


     කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු අද උදෑසන සිරුරට ගිනි තබාගෙන ඇත්තේ හිටපු ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට විරෝධය පළ කිරීම සඳහා බව පොලීසිය


ප්‍රකාශ කළා. අද උදෑසන 10.15 පමණ කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට පදික වේදිකාවේ දී ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගත්තා. පොලිස් මාධ් ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෙම පුද්ගලයා පන්නිපිටිය - කලල්ගො ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙකු බවයි. ඔහු වසර 21 ක් යුද හමුදාවේ සේවය කර තිබෙනවා.


      ගිනි තබාගැනීමෙන් පසු සිරුරේ ඇතිවූ දැඩි පිළිස්සුම් තුවාල සහිතව මෙම පුද්ගලයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. ඔහු මේ වනවිට ජාතික රෝහලේ 72 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රෝහලේ ජ්යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ සිරුරේ සියයට 75 පමණ ප්‍රමාණයක බාහිර පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

Follow us

පැමිණි උදවිය