07 September 2014

ඔඩෙල් සිද්ධිය නිසා උදාරි ජනප්‍රිය වුණාලු....



        දාරි වර්ණකුලසූරිය කියන්නෙ මේ වන විට ලංකාවේ ජනප්‍රිය නිළියක් කියන එක අපි කාටත් රහසක් නෙවෙයි. උදාරිගේ මේ ප්‍රසිද්ධත්වයට තවත් ගොඩක් හේතු තියෙනවා. ඒකට එක හේතුවක් ඔඩෙල් කිව්වොත් ඔබේ මතකයට එන්නේ කුමක්ද? මේ පිළිබඳවත්, ඊට අමතරව උදාරිගේ නවතම තලා තොරතුරු පිළිබඳවත් ඇය පසුගිය දිනෙක පුවත්පත් සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

උදාරි ප්‍රසිද්ධ වෙන්න මොනවද කරන්නේ?
දෙවියනේ කියලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. වාසනාවට ඉබේටම මට ඒ දේ ලැබිලා තියෙනවා.

උදාරි කියන්නෙ ගොසිප් කැරැක්ටර් එකක් කියලා සමහරු කියනවා.?
මම ගොසිප් කැරැක්ටර් එකක් නෙව‍ෙයි. හැබැයි මම ගැන ගොසිප් වල යන ඒවා දැක්කම කෙනෙකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.

සමහරු ජනප්‍රිය වෙන්න තමන් ගැන බොරු ගොසිප් ප්‍රචාරය කරනවලු.?
වෙන්න පුළුවන්... ඒත් මට එහෙම කිසි වුවනාමනාවක් නෑ.

උදාරි ගැන ගොසිප් පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිවාර දක්වන්නේ.?
මම ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ.. ගණන් ගන්නේ නෑ.. කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ.. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ.. කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ.. මම ඒ අයට අනුකම්පා කරනවා.

ගොසිප් එක බොරුවක් නම් නම කැත වෙන්නෙ ඔයාගෙනෙ.. ඒක ප්‍රශ්නයක් නැද්ද.?
ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදා හරි එලි වෙනවනේ.. එතකන් ඉවසනවා.

හිත සසල කරපු ගොසිප් එක මොකක්ද?
වෙබ් අඩවියක ගියා මම ඇමති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයකට ගියා කියලා. එදා මම ගියෙ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමේ කියන්නේ ඒ ප්ලෙන් එකේම ඔය කියන ඇමතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඕක තමයි ඔය ගොසිප් වෙබ් එකේ ගියේ. පස්සේ මගෙ මහත්තයා ගොසිප් එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නෙ මගෙ ළඟ, ඒක බොරු ගොසිප් එකක් නිසා ඒක අයින් කරන්න කියලා. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කලා කියලා. ඒක දැක්කම නම් මට මාර දුක හිතුනා.

ඔඩෙල් ගොසිප් එක නිසා අපහසුතාවයට පත්වුණේ නැද්ද?
දැන් නම් ඒක ඇති වෙලා. ඔඩෙල් නම් උදාරි, උදාරි නම් ඔඩෙල්... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ගොසිප් එකක් කියන්න බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නෑ....

ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ..?
නෑ ඒක ගැන කතා නොකර ඉමු.. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ..

හැබැයි ඔඩෙල් සිදිධිය නිසා උදාරිට ජනප්‍රියත්වයක් ලැබුණා..
ඔව්... ඊට පස්සෙ අවුරුද්දෙ සම්මාන උළෙලක ජනප්‍රිය නිළියට හිමි සම්මානෙකුත් ලැබුණා..

ඒ කියන්නෙ ඔය සම්මානෙට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද?
අපෝ නැහැ. අදාල චරිත වලට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ...






*******************************************

Follow us

පැමිණි උදවිය