ජනාධිපති හා අගමැතිවරයාගේ මුහුණු කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමඟ බද්ධ කර Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවකු රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඊයේ (23දා) ඉදිරිපත් කළා.
අදාළ සැකකාර සිසුවා අම්බලන්තොට පදිංචි උසස් පෙළ හදාරන්නෙක්. ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේ.
ජනාධිපති, අගමැතිවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගේ මුහුණු උපයෝගි කර ගනිමින් නිරුවත් ඡායාරූප හා අසභ්‍ය තොරතුරු සංවිධානාත්මක පිරිසක් විසින් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් පවත්වා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සැකකරු 'My First Love' යන ෆේස් බුක් පිටුවල 'යහපාලනයේ කොලු ගැටව් සෙට් එක' යනුවෙන් සඳහන් මාතෘකාව යටතේ කුඩා ළමයින්ගේ යැයි හැඟෙන නිරුවත් ඡායාරූප ප්‍රචාරය කර ඇතැයි අධිකරණයට දන්වා සිටියා. සැකකරුගේ පියා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් බවද අධිකරණයේදී අනාවරණය වුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විවෘත අධිකරණයේදී සැකකරුට අවවාද කරමින් පැවසුවේ 'මවුපියන්ගේ දේශපාලනය මවුපියන්ට කරන්න දෙන්න. තමුන්ට ඒවා අදාළ නැහැ' යනුවෙනි.
මෙම සිද්ධියට දේශපාලනඥයන් සම්බන්ධ දැයි ලබන සැප්තැම්බර් මස 17 වැනි දින අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එදින යළි කැඳවන ලෙස නියම කළා
- See more at: http://offair.nethfm.com/article/23552#sthash.xtsMT8Ul.dpuf






