25 July 2015

බල්ලෙක් නිසා නිළියක් අත්අඩංගුවට ගන්න යනවලු




'මෝට්ඩිකාල්’ නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ජනප්‍රිය නිළියක් වන  ඇම්බර් හියර්ඩ් ඕස්ට්‍රේලියාවේදී වසර 10 ක සිර දඬුවමක් විඳීමට සිදුවන තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

ඒ සුනඛයන් දෙදෙනෙකු නිසා බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇම්බර් හියර්ඩ් ඇගේ සැමියා වන චිත්‍රපට නළු ජෝන් ඩෙප් සමග ඕස්ට්‍රේලියාවට  නීති විරෝධීව ටෙරයර් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකු ද රැගෙන ගොස් ඇති අතර එවැනි වටිනා සුනඛයන් අවසරයකින් තොරව ගුවන් මගින් ඕස්ට්‍රේලියාවට රැගෙන ඒම නීති විරෝධී ලෙසයි සැලකෙන්නේ.

එම සුනඛයන්ට අදාළව ඇම්බර් හියර්ඩ්  ඉදිරිපත් කළ ලියකියවිලි ව්‍යාජ ඒවා බවත් එරට බලධාරීන් විසින් සනාථ කර ගෙන ඇති අතර  මේවාට වැරදිකාරියක වුවහොත් ඇයට වසර 10 ක සිර දඬුවමක් මෙන්ම ඩොලර් 100, 000 ක දඩයක් ගෙවීමට සිදුවෙනවා.



Follow us

පැමිණි උදවිය