23 September 2014

ඇත්තමට මොනාද මේ ඉබෝලා කියන්නෙ???



         මේ දවස් වල, නිව්ස් වල ඉබෝලා ගැන ගොඩක් කතා කරනවා. ඉබෝලා අප්‍රිකාවේ ඉක්මනින් බෝ වෙන්න පටන් අරගෙන. මේක ඉක්මනින් ලෝකේ වෙන තැන් වලට යන්න පුලුවන්.
 
ඉබෝලා කියන්නේ භයානක වයිරස් එකක්. වයිරස් එකක් කියන්නේ මොකද්ද? වයිරස් චූටි විස බීජ ජාතියක්. හෙම්බිරිස්සා, ඒඩ්ස් සහ ඩෙන්ගු ඔක්කොම වයිරස් ජාති. වයිරස් අපේ සෛල වලට ඇතුලත් වෙලා බෙදෙන්න පටන් ගන්නවා. සෛල ඇතුලේ ගොඩක් බෙදුනාම සෛල පුපුරනවා.
 
අපි හිතලා බලමු. එක වයිරස් එකක් එක සෛලයකට ඇතුල් වෙලා දාහකට බෙදෙන්න පුලුවන්. ඒ දාහා එලියට ඇවිල්ල තව සෛල දාහකට යන්න පුලුවන්. එතකොට ඉක්මනින් වයිරස් අපේ අඟේ වැඩි වෙනවා.


හොඳ වෙලාවට, හෙම්බිරිස්සාවක් වගේ වයිරස් එකක් අපේ ඇඟ ලේසියෙන් මරනවා. ඉබෝලා වයිරස් එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා:
1. එක්කෙනාගෙන් එක්කෙනාට ඉක්මනින් බෝ වෙනවා;
2. ඇඟ ඇතුලේ අනිත් වයිරස් වලට වඩා ඉක්මනින් බෙදෙනවා. එතකොට ඇඟට ඒක සටන් කරන්න අමාරුයි.
3. හැම සෛල ජාතියටම යනවා. ( විශේෂයෙන් අක්මාවේ සෛල වලට ) හෙම්බිරිස්සාව වගේ වයිරස් නහය දෙපැත්තේ සයිල වල විතරයි ඉන්නේ.

මේ ප්‍රශ්න හින්දා, මැරෙන ප්‍රමානය 89% වගේ වෙන්න පුලුවන්. තාම මේකට බෙහෙතක් හොයාගන නෑ. ඒත් ඇමරිකාවේ මේ සඳහා පර්යේශණ කරගෙන යන බවට ආරංචි වෙනවා.


ඉබෝලා මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්නේ ලේ සහ ඇඟේ අනිත් දියර (කෙල, කඳුලු වගෙ දේවල්) වලින්. වාතයෙන් බෝ වෙන ප්‍රමාණය හරිම අඩුයි. හැබැයි වෙන්න ඉඩ තියෙනවා. මේක ඉස්සල්ලාම වවුලොන්ගෙන් බෝ වුණා කියලා හිතනවා. ඒ වගේම ඉබෝලා වැලදී මියගිය පුද්ගලයෙක්ගෙන්ද මෙය බෝ වෙනවා.

ඉක්මනින්ම මොකක් හරි හොයාගන්න උත්සාහ කරනවා විවිධ රටවල් උත්සහ කරනවා. දැනට ගොඩක් බලන්නේ ඉබෝලා බෝ වෙන්නෙ නැතුව නවත්තන්න. ඇමෙරිකාවෙන් ඩ්‍රග්ස් දෙකක් දැන් ටෙස්ට් කරනවා. එකක් ZMapp අනිත් එක TKM-Ebola. තාම ඒ දෙක ගැන හරිම ප්‍රතිපල කියන්න බැරි බවත් වාර්තා වෙනවා.



*********************************************************************

Follow us

පැමිණි උදවිය