ලංකාවේ පසුගිය කාල වකවානුව පුරාවටම මංකොල්ලකෑම් රාශියක් වාර්තා විය. ඒවාගේ දී වැඩිපුරම නීතියේ රැහැනට හසුවුයේ තරුණයින්... ඒ අතර CCTV කැමරාවල සටහන් වුණු සොරුන් අතරේ කාන්තාවන් කීහිප දෙනෙකුත් සිටියා.. ඒ අය සොරකම් කරන්නේ ලැප්ටොප් පරිගණක, විවිධ සිල්ලර බඩු වගේ දෙවල්.
ඒහෙත් මෙම කතාව හාත්පසින්ම වෙනස් එකකි. අපි කියන්න යන මේ තරුණියට තාම වයස 21 යි. කැනේඩියානු ජාතික කාන්තාවක් වන මැය ලෝකයේ සරාගීම මංකොල්ලකාරිය බවට පත්විය.
විදෙස් මාධ්‍ය සඳහන් කරන විදියට මෙයාට ගෙවල් බිඳුම් 42 ක් ඇතුළු චෝදනා 114 ක් සම්බණ්ධයෙන් මැයට චෝදනා එල්ල වී ඇත. ස්ටෙපානි බවුන්ඩින් නමින් හඳුන්වන ඇය මෙම මංකොල්ලකෑම්වලට ඇයගේ අත්උදව්ව සඳහා වයස 13, 15, 17 වගේ බාලවයස්කාරියන් හවුල් කරගෙන ඇති බව සඳහන් වෙනවා.
තමන්ගේ නිවාසවල නිවැසියන් නොමැති අවස්ථාවලදී නිවසේ අගුළු කඩා මේ අය සොරකම් කරන්න පුරුදු වී ඇති බව පොලිසියෙන් සඳහන් කරනවා. මේ සැඟවී සිටි මංකොල්ලකාරිය ගැන ලෝකයම කතා කරන්න පටන් ගත්තේ ඇය අන්තර්ජාලයට පල කර තිබූ ඡායාරූ කීපයක් නිසාවෙනි.
මීට පෙර බිකිනි ඇඳුමින් සැරසී ඇති ඇයගේ මෙම ඡායාරූපයක් ට්වීටර් ගිණුම හරහා හුවමාරු වී ඇති අතර ඇය අත්අඩංගුවට පත්වූ පසු එක්තරා පුවත්පතක් මෙම මෙම ට්වීටර් ඡායාරූපය පල කරමින් සඳහන් කර තිබුණේ "ස්ටෙපානි හදවත් සොරකමට යොමුවෙයි.." යන සිරස්තලය යටතේ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මැයගේ මීළඟ නඩු දිනය නොවැම්බර් 17 වන දිනට යෙදී ඇති බවත් වාර්තා වේ.
**************************************************










