21 September 2014

බ්‍රිතාන්‍ය කතක් හැරී කුමරු නිසා ගැබ් අරන් ලු....




                    බ්‍රිතාන්‍ය රජ පවුලට විලියම් කුමරු හා කේට් කුමරිය තවත් දරු සම්පතක් ගෙනෙන්නට යන බවට විදෙස් මාධ්‍ය දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන අතරතුර හැරී කුමරුගෙන් තමන්ට දරුවෙක් ලැබෙන්නට යන බව පවසමින් 38 හැවිරිදි කාන්තාවක් විශාල කලබගෑනියක් කළ බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත.

මෙම කාන්තාවට ඉන්න හිටින්නට තැනක්වත් නොමැති කෙනෙක් වන අතර ඇය බකින්හැම් මාළිගය පරිශ්‍රයේ සැරිසරමින් රාත්‍රියේදී එහි වැටවල් අතරින් රිංගා යන්නට උත්සහ දරා ඇත.

" මේ කාන්තාවට යම්කිසි මානසික රෝගයක් ඇති, නැත්නම් මෙසේ හැසිරෙන්නේ නෑ, අනික වෙන කෙනෙකුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා වෙන්න පුළුවන්, ඒත් ඒකට හැරී කුමාරයා පලි නෑ.. " යැයි එරට මාධ්‍ය පවසා ඇත.

කෙසේ නමුත් ඇය බකින්හැම් මාළිගය අසල සිටින ආරකෂකයින්ට පවසා ඇත්තේ හැරී කුමරුට භයානක පණිවුඩයක් පැවසීමට ඇති බවයි. එය ආරක්ෂකයින්ට පැවසිය නොහැකි බවත්, කුමරුව මුණ ගැසී එය පැවසිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත. 

මේ පිළිබඳ හැරී කුමරු කිසිවක් ප්‍රකාශ කොට නැති බවත් ඇයට උදව් කරන මෙන් සේවකයින්ට පවසා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ..



***************************************

Follow us

පැමිණි උදවිය