16 September 2014

විවාහ වී පළමු රාත්‍රිෙය්දීම යුවලක් මිය යයි...




       මනාලයෙක් හා මනාලියක් විවාහ වී මධුසමය ගත කරමින් සිටියදී පැයකට පමණ පසුව යහනේ මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් යේමනයෙන් වාර්තා වේ.

ඔවුන් විවාහ සාදයෙන් පසුව මධුසමය සඳහා සිය නිවසට ගොස් ඇති අතර නිවසට යන විට අදාල ප්‍රෙද්ශයේ විදුලිය විසන්ධි වී ඇත.

එම නිසා කාමරයේ ජනේලයක් අසල වූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර ඔවුන්  යහන්ගතව තිබේ. ඒ අවස්ථාවේදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ ධූලක වායුව ආග්‍රහනය වීම නිසා නොසිතූ ලෙස ඔවුන් මිය ගොස් ඇත.

ඔවුන්ගේ විවාහයෙන් පසුව සොම්නසින් පසු වූ නව යුවලගේ නෑයන් පසු දින ඔවුන්ට සුභ පැතුම් රැගෙන නිවසට පැමිණ ඇති අතර එහෙත් නිවස තුල කිසිදු හැලහොල්මනක් නොවීම නිසා එහි ඉදිරිපස කුඩා දොර කඩා ඇතුළුව ඔවුන් විපරම් කර ඇත.

එම අවස්ථාවේ මිය ගිය යුවලගේ දේහයන් දෙක ඔවුන්ට හමුවී ඇති බව යේමන් පුවත්පත් වාර්තා කරයි.


***************************************

Follow us

පැමිණි උදවිය