තම යහළුවන් සමඟ නිවාඩුවක් ගත කිරීමට ඈත පෙදෙසකට යන පෙම්වතාට වෙනත් කාන්තාවන් ලංවීම වැළැක්වීමට එක් පෙම්වතියක් අමුතු උපායක් යොදා තිබුණා. තමන්ගේ 24 වන වියේ පසුවන පෙම්වතාට මේ වගේ දෙයක් කරපු ඇයගේ වයස අවුරුදු 20 යි. මේ දෙන්නා ජීවත් වුණේ එංගලන්තයේ.
ස්පාඤ්ඤයේ ල්බීසා කියන දූපත් වල සංචාරය කරන්න යෙදුනු තමන්ගේ පෙම්වතාට මේ පෙම්වතිය අපූරු ටී ෂර්ට් එකක් මහලා දුන්නා.
ඒකේ තිබුණේ මේ දෙන්නා එකට ඉන්න ඡායාරූප කිහිපයක්. දෙන්නා ආදරෙන් සිප වැළඳ ඉන්න රූපත් එකේ ඇතුලත් වුණා. ඒ වගේම අපූරු වදන් පෙලකුත් එ්කේ ඇතුලක් වෙලා තිබුණා.
ඒ තමයි “ මම මගේ පෙම්වතිය වන ඇබීට ගොඩාක් ආදරය කරමි. මේ නිසා ල්බීසා දූපත් වල ඉන්න ගැහැණු ළමයි මට අවශ්‍ය නොවේ. ඒ නිසා මගෙන් ඈත්වෙලා ඉන්න“ කියන වදනයි.
මුලින්ම විනෝදය උදෙසා පෙම්වතාට මේ ඇඳුම දුන්නත් එම ඡායාරූපය අන්තර්ජාලයට එක් කළාට පස්සේ හොඳ ප්‍රතිචාර ගොඩක් හම්බවෙලා වගේම මේ ක්‍රමය පෙම්වතියන් අතර වැඩිපුර ජනප්‍රිය වෙලා කියලත් සඳහන් වෙනවා.
අවංකව ආදරේ කරන තමන්ගේ පෙම්වතාව අනිත් තරුණියන්ගෙන් ආරක්ෂා කරගන්න මේ වගේ දෙයක් හඳුන්වලා දුන්නු එක ගැන මේ තරුණියට ගොඩක් අය ස්තූතිවන්ත වෙනවලු.
*********************************************










