සංවර්ධනයෙන් ලෝකයේ දියුණු රටවල් හා සමාන වෙමින් පවතින ශ‍්‍රී ලංකාව විවිධ රෝග වලින්ද ලෝකයට සමපාත වන තත්වයකට ලඟා වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. බෝ නොවන රෝග යනු සංවර්ධනයේ මිනුම් දන්ඩක් බව සැළකීමද වැරැද්දක් නොවන බවයි විශේෂඥ මතය වන්නේ. ඉහළ සංවර්ධනයකින් යුතු රටවල් බොහෝමයක් බෝ නොවන රෝග පැතිරීමෙන්ද ඉහළම මට්ටමක පැවතීම මෙයට හේතුවයි.
මේ වන විට ශ‍්‍රී ලංකාවේදී අනාවරණ වී ඇති තවත් භයානක කාරණයක් වන්නේ පියයුරු පිළිකාව අඩු වයසේ කාන්තාවන්ද ආක‍්‍රමණය කිරීමේ වාතාවරණයක් උදා වී තිබීමයි. වයස 55ට වැඩි කාන්තාවන් අතර මුලින්ම පැතිර ගිය පියයුරු පිළිකාව මේ වන විට වයස අවුරුදු 30ක් තරම් වූ කාන්තාවන්ද ගොදුරු කර ගන්නා තත්වයක් නිර්මාණය වී තිබෙන බවයි අනාවරණ වී තිබෙන්නේ. රත්නපුර, මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ අනුරුද්ධ තෙවප්පෙරුම මහතා මේ කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා.
***********************************************************






