කිෂානි පසු ගිය කාලයේ නිර්මාණවලට සම්බන්ධ නොවුණේ රංගනයට සමු දෙන්න හිතිලද?
පසුගිය කාලයේ මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනයට කෙටි විරාමයක් දෙන්න සිද්ධ වුණා. එ් නිසා පහුගිය අවුරුදු තුනහමාරම කිසිම වැඩක් භාර ගත්තේ නැහැ. නමුත් ඉදිරියේදී නිර්මාණ දෙකකින්ම මාව දැක ගන්න පුළුවන්.

ඒ කියන්නේ දැන් අධ්‍යාපන කටයුතු හමාර කරලද?
ඔව්. මගේ නීති උපාධිය අවසන් කරලයි තියෙන්නේ.

ඉගෙන ගත්ත දෙයින් ඉදිරියට ප‍්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
රංගනයෙන් අයින් වෙන්න බලාපොරොත්තුවක් නම් නැහැ. අයින් වුණත් නොවුණත් ඉගෙන ගත්තු දේවල් අහක යන්නේ නැහැ. ලබා ගත්තු උපාධිය නිසා මගේ ඉදිරි ගමනට තවත් මාර්ගයක් හැදුණා කියලයි මම විශ්වාස කරන්නේ.

ඒ කියන්නේ ඉදිරියේදී රංගනය ඔබේ ප‍්‍රධාන වෘත්තීය වෙන්නත් පුළුවන්?
ඉදිරිය ගැන ගොඩක් කල් තියලා තීරණය කරන කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා මගේ වෘත්තීය කුමක්ද යන්නත් තාම තීරණය කරලා නැහැ. එන විදිහට මුහුණ දෙනවා.

කිශානි කියන්නේ අහම්බෙන් නිළියක් වුණු කෙනෙක් නේද?
ඔව් එහෙම කිව්වොත් හරි. රංගන ශිල්පිනියක් වෙන්න කවමදාකවත් මගේ හිතේ තිබුණේ නැහැ.

නමුත් කිශානිට නිළි පෙනුමක් නැහැ කියලත් සමහරු කියනවා ?
නිළි පෙනුමක් කියන්නේ කොයි වගේ පෙනුමකටද කියලා තමයි මට අහන්න වෙන්නේ.

ඔබට සිංහල භාෂාව හරි හැටි හසුරු වන්නත් බැරිලූ?
මම පුංචි කාලේ ඉඳලා ජාත්‍යන්තර පාසලකින් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ තිබුණු පරිසරයත් එක්ක සිංහලෙන් කතාබහ කරන්න වැඩි කාලයක් ලැබුණේ නැහැ. හැබැයි දැන් නම් එකේ ගැටළුවක් නැහැ.

රංගන ශිල්පිනියකට ජනප‍්‍රියත්වය වැදගත්. නමුත් ඔබට මේ කියන ජනප‍්‍රියත්වය ගොඩ නැගී තිබෙනවාද?
රංගන ශිල්පිනියක් වීමෙන් ඒ නිර්මාණ ඔස්සේ පේ‍්‍රක්ෂකයන්ව තමා වටා ඇද ගන්න පුළුවන්. දැනට මම කරලා තියෙන නිර්මාණ කිහිපයෙන් මට ආදරේ කරන එවැනි පිරිසක් මා වටා ඉන්නවා.

නමුත් තවමත් ඔබ පේ‍්‍රක්ෂකයන් තුළ මතක හිටින චරිතයක් කරලා නැහැ කිව්වොත් ?
තවමත් දෙහදක් ආදරෙන් ටෙලි නිර්මාණයෙන් මම රඟ පෑ චරිතයට ප‍්‍රතිචාර ලැබෙනවා. එවැනි තවත් නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒක පේ‍්‍රක්ෂකයන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක්.

කුඩා කාලයේදී ඔබේ බලාපොරොත්තුව තිබුණේ කවුරු වෙන්නද?
පුංචිම කාලේ හීන මැව්වේ එයාර් හෝස්ටර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ලෝයර් කෙනෙක් වෙලා ඇකඩමික් පැත්තෙන් අනාගතය ගොඩ නඟා ගන්න මට ඕනෑ වුණා. ඊටත් පස්සේ බිස්නස් කරන්න ඕනේ කියලත් හිතුවා. ඔය වගේ කාලෙන් කාලෙට මගේ අභිලාශය වෙනස් වුණා. නමුත් ඔය කොයි කාලෙකදී වත් ඒ කොතැනක වත් රංගන ශිල්පිනියක් වෙන්න පුංචිම බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ.

ඒ කියන්නේ දැනුත් කිශානිගේ අරමුණු ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියන එක නේද?
කාලෙන් කාලෙට ඕනෙම කෙනෙක් වෙනස් වෙනවා. අරමුණුත් එහෙමයි. ලෝකය එක වගේ තියෙන්නේ නැහැ. අපේ ජිවිතේට අලූත් අත්දැකීම් ලැබුණහම අවබෝධයත් වෙනස් වෙනවා. ඒ අතර තමන්ගේ බලාපොරොත්තු වගේ දේවලූත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනස් වීම මම හිතන්නේ නැහැ වැරදියි කියලා.

ආදරය, විවාහය වැනි දේවල් වලදිත් ඔබේ අරමුණ වෙනස් වේවිද?
මම තවමත් තනිකඩයි. මම සම්බන්ධතාවයක් පටන් ගන්නේ බඳිනවයි කියන අරමුණින්. ඉතින් බෝයි ෆ්‍රෙන්ඞ් කෙනෙක් ඉන්නවනම් මම එක මාධ්‍යයට හංගන්නෙත් නැහැ.