ගත වූ කාලයට සාපේක්ෂව දැන් දැන් පිළිකාව සමාජය පුරා පැතිර යන්නේ ශීඝ‍්‍රයෙනි. පිළිකා මරණ සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ.
නමුත් පිළිකාවලින් cancer-Lambert 1/3ක්ම කලින් හඳුනාගැනීම හරහා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ඒවාය. පිළිකා කලින් හඳුනාගැනීමේ අවධානය මිනිසුන් තුළින් ගිලිහීයාම මෙම තත්ත්වය වැඩිකිරීමට හේතුවී තිබේ. එනිසා ඔබේ ශරීරයේ දිගටම පවතින කිසියම් වෙනස්කමක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම ඒ සම්බන්ධයෙන් ගත හැකි මුල්ම පියවරය. දැන් අපි පිළිකාවක් සඳහා ඉවහල් වන ඒ වෙනස්කම් මොනවාදැයි විමසා බලමු.

මුඛ පිළිකාව
මුඛය ආශ‍්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කළ නොහැකි සුදු හෝ රතු ලප.
කල් පවතින ඉවත් කළ නොහැකි සුදු සහ රතු මිශ‍්‍ර ලප.
මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ මුඛ ශ්‍ලේෂ්මල රළුවීමක් සහ සුදුමැලිවීමක්.
මුඛයේ සුවනොවන තුවාලයක්.
දිව නැමීමේ හෝ මුඛය විවෘත කිරීමේ අපහසුවක්.

ගලනාළ පිළිකාව
සති තුනකට වඩා පවතින ක‍්‍රම ක‍්‍රමයෙන් ඇතිවන ගිලීමේ අපහසුවක්.
ගිලීමේදී වේදනාවක්.
ශරීරයේ බර අඩුවීමක්

මහා අන්ත‍්‍ර හා ගුද මාර්ග පිළිකාව
මලපහ සමග ලේ පිටවීමක්.
මලපහ කිරීමේ වෙනසක්
නිතර නිතර ඇතිවන මල බද්ධය හෝ පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක්.
මලපහවල හැඩය පෙරට වඩා සිහින් වීමක්
මලපහ කිරීමෙන් පසුවද මලපහ කිරීමේ අසම්පූර්ණ බවක් දැනීම
උදරයේ වේදනාවක්
අනපේක්ෂිත ලෙස ශරීර බර අඩුවීමක්

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ පිළිකාව
තයිරොයිඞ් ග‍්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනසක්
ගෙලෙහි වසා ගැටිති ඉදිමීමක්
ගෙලෙහි වේදනාවක්
හේතුවක් නැති කඩහඬ රළුවීමක්
දිගටම පවත්නා ගිලීමේ අපහසුවක්
හුස්ම ගැනීමේ අපහසුවක්

පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකාව
අවශ්‍යතාවය ඇතත් මුත‍්‍රා කිරීමේ අපහසුතාවයක්
මුත‍්‍රා කිරීම ඇරඹීමේ හා මුත‍්‍රා ධාරාව පවත්වා ගැනීමේ අපහසුතා
මුත‍්‍රා කිරීමෙන් පසු සම්පූර්ණ මුත‍්‍රා පිටනොවුණාක් මෙන් දැනීම
නිතර නිතර මුත‍්‍රා පිටවීම.
රාත‍්‍රියට මුත‍්‍රා පිටවන වාර ගණන වැඩිවීම.
මුත‍්‍රා සමග ලේ පිටවීම.

පියයුරු පිළිකාව
පියයුරුවල හැඩයේ වෙනස්වීමක්
පියයුරු මත ගැටිත්තක්. දදයක්. ඉදිමීමක් හෝ තුවාලයක්.
පියයුරු මත දොඩම් ලෙල්ලක් මතුපිට වැනි සමේ වෙනසක්.
තනපුඩුවේ ගිලීයාමක්.
පියයුරුවල ගැසීමක්

ගැබ්ගෙල පිළිකාව
යෝනි මාර්ගයෙන් අක‍්‍රමවත් රුධිර වහනයක්.
ලිංගික එක්වීමකින් පසු රුධිර වහනයක්.
යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයක් සහිත ස‍්‍රාවයක් පිටවීම.
මාස් ශුද්ධිය නැවතීමෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක්
මෙවැනි රෝග ලක්ෂණ
සති තුනකට වඩා පවතී නම් ඔබේ ප‍්‍රදේශයේ සුවදිවි සායන, සුවනාරි සායන, හෝ ළඟම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීමෙන් පිළිකා කලින් හඳුනා ගැනීම මගින් පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීමට ඔබට පුළුවන.
පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලූවක් වේ නම් කොළඹ 05, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්දන වැඩසටහන ඇමතිය හැකිය.

දුරකථන අංක : 0112368627, 0113159227.
ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අනුග‍්‍රහයෙනි..
සටහන : නිර්මලා කුමාරි සේනාරත්න...
************************************************************************