චීනයේ අඹු සැමියන්ට දෙවන දරුවකු බිහිකර ගැනීමට එරට රජය කාල රාමුවකට යටත්ව අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 21 වනදා දක්වා ඒ සඳහා කල් ලබා දී ඇති බවයි එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණේ. රජයේ මෙම තීරණය ප‍්‍රකාශයට පත්වීමත් සමග ඒ සඳහා විසි දෙදහසකට ආසන්න අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී ඇතැයි ද එම වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් දෙවන දරුවකු බිහි කර ගැනීම සඳහා රජයේ අවසරය හිමිව ඇත්තේ විසිදහසකට ආසන්න පිරිසකටයි. වයස අවුරුදු 31 ත් 35 ත් අතර පසුවන අඹුසැමියන් සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. අධික ජනගහනය පාලනය කිරීම සඳහා චීනය එක්දරු ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ 1979 වසරේදීයි. එතැන් සිට 2009 වසර දක්වා මිලියන දෙසීයකින් දරු උපත් අඩු කර ගැනීමට හැකිවී ඇතැයිද චීනයේ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 2012 වසරේ සංඛ්‍යා ලේඛණ වලට අනුව චීනයේ සමස්ත ජනගහනය බිලියන එකයි දශම තුනයි පහක් ලෙසයි ගණන් බලා තිබෙන්නේ.
***********************************************************






