තවමත් පෙම්වතෙක් නොමැති බවත් නිළියක් වීම නිසා හොඳ ආදරවන්තියක් වීමට නොහැකි වුණ බවත් ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන උදයන්ති කුළතුංග පවසනවා. කෙසේ නමුත් තමන් ජීවිත කාලෙටම හම්බ කර අවසන් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ...
වාරියපොළ තරුණියට වුණ දේ තමන්ට වුණා නම් කට්ටියක් දම්මලා කොල්ලට ගස්සන බවත් ප්‍රකාශ කරන උදයන්ති කියන්නේ ලිවින් ටුගෙදර් යනු සැකය නිසා බඳින්න කලින් ට්‍රයි කරලා බැලීමක් නැති බවයි.
වාරියපොළ සිද්ධිය තමන්ට වුණා නම් මොකද කරන්නේ?
මට ගහන්න බෑ කට්ටිය දම්මලා ගස්සනවා..
විවාහයට සුදුසුම වයස කීයද?
අවුරුදු 28
දැන් ඔබට වයස කීයද?
අවුරුදු 31යි
දැන් පෙම්වතෙක් ඉන්නවද?
නෑ
ලිවින් ටුගෙදර් ගැන මොකද හිතන්නේ?
අවංක කෙනෙක්ට කැමති නම් එයාව විවාහ කරගන්න ඕනි.. ඒ සැකය නිසා ටිකක් ඉඳලා බැලීමක්..
හෙට රංගනය නතර කලොත් තෝරා ගන්නා වෘත්තීය කුමක්ද?
ගෙදරට වෙලා ඉන්නවා. මම ජීවිත කාලයටම හම්බ කරලා ඉවරයි.
****************************************************










